Pages

2014-06-26

Google ‍රැගෙන ආ නව ද්‍රශ්‍ය භාෂාව..( 'Material Design')

  දෘශ්‍ය භාෂාවට තොරතුරු අවකාශයතුල හිමිවන වපසරිය වඩාත් පුලුල්ය. වර්න, හැඩතල , ගැබුර වැනි යොදාගැනීම් වලට අමතරව එන චලනය ඒ බවට වඩාත් අර්ථ නංවන සුලුය. Google ආයතනය තම I/O 2014 තුලදී කල කැදවාගෙන ඒම් අතර design language එකක ලෙසට හඳුනා ගත හැකි  'Material Design' යෙදුම කැපී පෙනිනි. තොරතුරු භාවිතාවේ භාවිතාකරන්නන්ගේ කවුලුව වෙතට නව නම්‍ය අපූරු හැසිරීමක් එය එක් කොට ඇති බවට  ඔවුන් එහිදී පෙන්වා දෙනු ලැබීය.තම ප්‍රධාන භාවිතාවන් කිහිපයක් වන Calendar, Gmail, Maps වැනි භාවිතාවන් සමග මෙම නව UI කලාව වඩාත් පැහැදිලි , පිරිසුදු , නම්‍ය රටාවක් ගෙනෙන බවයි ඔවුන් වැඩි දුරටත් පොරොන්දු පලකොට සිටියේ. එහිදී පැවසුනේ Google හි මෙම නව ද්‍රශ්‍ය භාෂාව තම Google Crome මෙහෙයවුම් පද්ධතිය ඇතුලු සියලු අංගයන් සමග ඉදිරියේ මිශ්‍රවීමට නියමිත බවයි.