වින්ඩෝස් 8.1 වල පලමු අප්ඩේට් ගොනුව හා වින්ඩෝස් 9 පිලිබදව මේ වන විට හෙලි වෙමින් ඇති තොරතුරු පැහැදිලි කර දෙන්නේ මයික්‍රසොෆ්ට් සමාගම තම මොඩර්න් ඇප් සමග මොඩර්න් ස්ක්‍රීනය මූලිකව තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කරන්නට ගත් තීර්නය ක්‍රමයෙන් ආපසු හරවන්නට තීර්නය කොට ඇති බවකි. තවමත් මවුසය හා කීබෝඩය ප්‍රමුක භාවිතාවක යෙදෙන බොහෝ දෙනාගේ සතුටට හේතු විය හැකි මෙම තීර්නය පිලිබදව අනාවැකි පලවන්නේ දැනට නොනිලව මෙම සංස්කරන පිලිබදව හෙලි වෙමින් ඇති තොරතුරු හරහාය. ඇප් ස්ටෝර්ව හරහා පමනක් ගත හැකි මොඩර්න් ඇප් මොඩර්න් ස්ක්‍රීනය මත පමනක් පූර්නතිර ආකාරයට ධාවනය වනු ඇති බවට වු ස්වභාවය වෙනස් කරමින් ඒවා සුපුරුදු ඩෙස්ටොප් ටාස්ක් භාරය හරහාද ක්‍රියාත්මක වන්නට හැකි වනු ඇති බවට මෙන්ම එම ඇප් වල තිර මතට "Minimize" වැනි මවුසය ප්‍රමුක භාවිතාවට මිත්‍ර ලක්ෂන නැවත පැමිනෙන බවට හෙලිවෙමින් ඇති තොරතුරු පවසමින් සිටිනවා.
