Pages

2014-01-18

පරිගණකය වේගවත් කරගන්නට

  පරිගණක ක්‍රීඩා භාවිතාකරන්නන් සදහා විටක හමුවන අවශ්‍යතාවයක් වන්නේ පරිගණකයේ උපරිම හැකියාව තම ක්‍රීඩාව සදහා යොමුකරවා ගන්නට උවමනා වීමය. පලපුරුදු භාවිතාකරන්නන්මෙවැනි අවස්ථාවලදී තම පරිගණකයතුල ධාවනය වන අත්‍යාවශ්‍ය නොවන සමහර වැඩසටහන් මැනුවල් ආකාරයට නතර කර දමන්නට පෙලෙබෙනු දැකිය හැකිය. මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ එවැනි අවස්ථවලදීය. එක් ක්ලික් කිරීමක් ඔස්සේ පරිගණකයේ වෙනස්කම් කරමින් එහි හැකියාවෙන් වැඩිම ප්‍රමානය් ඔබගේ පරිගණක ක්‍රියාව සදහා යොදවා ගන්නට එය නොමිළේම සහය වීම වඩාත් සිත් ගන්නා සුලු කාරනාවක් විය හැක.