Pages

2014-01-25

වින් 8.1 පලමු අප්ඩේට් ගොනුව මාර්තු 11

  පලවන නවතම වාර්ථා නොනිලව පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 8.1 සදහා නිකුත්කරන පලමු අප්ඩේට් නිකුතුව මාර්තු මස 11 දාට නියමිතව ඇති බවයි. පසුගිය සතියේ එම අප්ඩේට් ගොනුව සම්බන්දයෙන් ස්ක්‍රීන් සටහන් කිහිපයක් නොනිලව අන්තර්ජාලයට මුදා හැර තිබුනු අතර ඒවායින් කියවුනේ මෙට්‍රෝ ආකාරයේ ඇප් වල සබදතා ටාස්ක් බාරය මතට පින් කිරීමේ හැකියාවෑය ‍රැගෙන එනු ඇති බවකි. එසේම මවුසය හා කීබෝඩය ඇසුරෙන් පරිගණකය මෙහෙය වන්නන් සදහා මෙට්‍රෝ  ඇප් මතට ක්ලෝස් බටනයද පැමිනීමේ ඉඩ කඩ පිලිබදව තොරතුරු හෙලිකරනු ලැබුවා. කෙසේ මුත් ස්ටාර්ට් බටනය පැමිනීමේ ඉඩ කඩ පිලිබදව පැහැදිලි සටහනක් නොවන අතර එය මීලග වින්ඩෝස් ප්‍රධාන සංස්කරනයක් සමග පැමිනෙනු ඇති බවටයි දැනට විස්වාස කරන්නේ. මෙම අප්ඩේට් 1 නිකුතුව ඇප් ස්ටෝර්ව ඔස්සේ නොව මයික්‍රසොෆ්ට් වල සුපුරුදු යාවත්කාලීන අඟහරුවාදාට සම්බන්දව නිකුත්වනු ඇති බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුව වන්නේ.