Tool Bars පරිගණකය වෙත පැමිනීම ක්‍රම කිහිපයක් ඔස්සේ සිදුවන්නට පුලුවන. කෙසේ පැමිනියද බොහෝ විට ඒවා පරිගණකයේ වේගය මෙන්ම අනවශ්‍ය අඩවීන් වෙතට භාවිතාකරන්නාව කැදවයන්නට පෙලබීම බොහෝ දෙනාගේ පොදු අත්දැකිමකි. තවත් විටක පැහැදිලි සේවාවක් ලබා දෙන්නට පැමිනෙන toolbars වල දුර්වලතා ඔස්සේ පහර දෙන්නන් පරිගණක වෙත අනවශය අත පෙවීම් කරන්නට පෙලබෙන අවස්ථාවන්ද දැකිය හැක.පසුගිය දිනව නිවේදනයක් නිකුත්කරමින් ගූගල් ආයතනය පවසා සිටියේ තම Chrome Web Store ඔස්සේ ඉදිරියේදී toolbars බාගතකරදීම අවසන් කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. ඔවුන් පැවසුවේ එම සේවාවන් මින් ඉදිරියට extensions ලෙසට ලබා දීම ඔස්සේ භාවිතා කරන්නන් හට අවශ්‍ය අංගයන් වෙනවෙනම ලබා ගන්නට හැකිවනු ඇති බවයි. කෙසේ වෙතත් ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ දැනට භාවිතාවෙමින් ඇති දෑ සදහා 2014 ජූනි මාසය දක්වා කල් ලබා දෙන්නට තමන් කටයුතු කරන බවත් එම කාලය තුල එම සේවා ලබාදෙන මෘදුකාංග නිර්මාන කරුවන්ට තම සේවා නව කොන්දේසි වලට ගැලපෙන ලෙසට සකස්කර ගන්නට කාලය ලබා දෙන බවත්ය.
