Pages

2013-12-13

ස්ටීව් ජොබ්ස් නම් සිදුවීම හා නාට්‍ය වෙදිකාවක් වගේ අතිමානනීය උපකරනයක අවශ්‍ය බව.....

  'ඒක ටිකක් සංකීර්න කාරනාවක්. මම කැමතියි ඒ අපූර්ව සිදුවීම මේ විදිහට පැහැදිලි කරන්න. ජීවවිද්‍යාත්මක පෙකනිවැල සමාජවිද්‍යත්මකව සිදුවෙන අසම්මත විච්ඡේදනය මිනිසෙකු තුල ඇති කරන වියරුමය මුත් නිර්මණාත්මක මානසික සුලිසුලග සමාජය මත්තෙන් ධනාත්මකව ගලායාමේ  විරල මුත් තවත් එක් අපූරු සිද්දියක ප්‍රථිපලයක්  මිහිමත මිනිස් වර්ගයාගේ කථාන්දරයේ දිලිසෙන ලෙසට සටහන් වීම ඇපල් නොහොත් ස්ටීව් ජොබ්ස් කියල අර්ථ දක්වන්න.ඈතක ඉදල අපිට පුලුවන්නම් ඒ සමස්ථ සිද්ධිය දකින්න ඒක හරියට අකුනක් නැතිනම් සුලි කුනා‍ටුවක් වගේ සියල්ල උඩු යටිකුරු කරපු සටහනක්. ඇත්තට හරිම අමාරුයි ඒ සිද්ධිය මිනිස් වචන වලින් නැවත ප්‍රථිනිර්මානය කරන්න. කෙනෙකුට ටිකක් හරි වඩාත් පැහැදිලිව ඒක ප්‍රථිනිර්මානය කරල පෙන්නන්නම් අනිවාර්යෙන්ම හුරුපුරුදුකල වින්දනයක් ඇති ප්‍රේක්ශක පිරිසක් සමග නාට්‍ය වේදිකාවක් වගේ අතිමානනිය උපකරනයක් අවශ්‍ය වේවි'