මයික්‍රසොෆ්ට් ආයතනය තම Bing Map වල වින්ඩෝස් 8.1 පෙර ඇප් සංස්කරනයක් මෙවන විට නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. එම නිකුතුව ලොවපුරා නගර 70ක අධි සුපැහැදිලි ඡායාරූ සහිතව ත්‍රිමාන ආකරයෙන් වඩාත් සජීවී ආකාරයට විද ගන්නට හැකිවන ලෙසට සකස්ව නිකුත් කෙරෙනා.මීට අමතරව ගෙවී යන වසර තුලදී නවාංග කිහිපයක්ම තම Bing Map වෙත ගෙනෙන්නට කටයුතු කොට තිබුනා.ආයතනය තම එලබෙන වසරේ සැලසුම් හෙලි කරමින් පවසා සිටින්නේ ඉදිරියේදී Bing Map යනු හුදු සිතියම් ස්වරූපයේ සිට වෙබ් අවකාශය මෙන්ම සැබෑ ලොකය වඩාත් නිරූපනය වන ආකාරයේ අත්දැකීමක් ගෙනෙන සේවාවක් ලෙසට වර්ධනය කරන බවයි.උදාහරනයක් ලෙසට ඔවුන් පවසන්නේ ගොනැගිල්ලක පිහිටි ආයතනයන් ගැන විස්තර පමනක් නොව ඒවා අභ්‍යන්තරය පවා දැක්වෙන ලෙසට සැලසුම් වන්නට නියමිත බවටයි.Digital මැප් සටහනක සිට visual representation ආකාරය දක්වා සිදුවන්නට නියමිත මෙම නව වෙනස්කම් සමග භාවිතාකරන්නාට වඩාත් සමීප සහයක් ගෙනෙන්නට හැකිවනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ.
