මයික්‍රසොෆ්ට් සමාගම පසුගිය ඔක්තෝබරයේ iOS devices සදහා bing app වල නව සංස්කරනයක් ඉදිරිපත් කරන්නට කටයුතු කල අතර අද පවසා සිටියේ Android devices සදහාද නව Bing app එකක් නිකුත් කරන්නට කටටුතු කරන බවකි. මේ වන විට Google play වෙතින් ලබා ගත හැකි මෙම app මෘදුකාංගය Modern පෙනුමක් සමග වන බවටයි පවසා සිටින්නේ.ආයතනය වැඩි දුරටත් පවසන්නේ දෛනිකව අලුත්වන wallpaper පහසුව මෙන්ම මුල් පිටුව ඔස්සේ වැඩි තොරතුරු ප්‍රමානයක් රැගෙන ඒම වැනි කාරනා මෙම නව සංස්කරනය සමග වන බවටයි පවසා සිටින්නේ.
