Amazon ආයතනයේ CEOවරයා පසුගියදා ප්‍රකට මධ්‍ය හමුවකදී පවසා සිටියේ තම ආයතනය ඉදිරියේදී තම මිලඳී ගැනීම් වැඩි වේගයකින් හා විස්වාසනීයව බෙදා හැරීම සදහා Amazon Prime Air නම් ව්‍යාපෘතිය යටතේ බාහිර සිට පාලනය වන octocopter drones නම් ගුවන් ක්‍රම වේදය අත්හදා බලමින් සිටින බවයි. GPS ආකාරයට මග පෙන්වීම් ලබන මෙම කුඩා ගුවන් උපකරනය ඉලෙක්ට්‍රික් ආකාරයට බලය ලබන අතර තල අටක බ්‍රමනයක් ඔස්සේ තම ඉලක්කය වෙතට පියබා යන්නට සමත්වනු ඇති බවටයි පවසා සිටියේ. තම ආයතනයේ Amazon warehouse එකක සිට විනාඩි 30ක පියාසර කාලයක් තුල වන ඉලක්ක සීමාවක් දක්වා දැනට සීමාවන මෙම සැලසුම ඉදිරි වසර පහ හය තුල ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩකඩක් පිලිබදව එහිදී විස්වාසය පලවනු ලැබුවා.
