එක් අතකින් පරිගණකය උපකරනයක් ලෙසට වඩ වඩාත් සංකීර්න වෙමින් වැඩි දත්ත සැකසුම් හැකියාවක් අඩුතම අවකාශයක රදවන්නට තරගකාරී උත්සාහයක යෙදෙමින් සිටී.තවත් දෙසකින් වඩාත් නම්‍ය හා පහසු හැසිරවීමකට භාවිතාකරන්නා සදහා ඉඩ සැලසීමට ඔවුනට අවශ්‍යව තිබේ.එලිවන නවතම පුවතක් පවසන්නේ Motorola ආයතනය ඇමරිකානු බලධාරීන් වෙත ඉදිරිපත්කොට ඇති Patent බලපත්‍ර ඉල්ලුමකට අනූව tattoo වක් සමග බෙල්ලට සවිවන වයර්ලස් ආකාරයේ මයික්‍රෆෝනයක් පිලිබදව වෙළඳ අයිතිය පිලිබදව කිය වෙනවා. personal area network ඔස්සේ භාවිතාකරන්නගේ ස්මාර්ට් දුරකථනය වැනි උපාංගයකට සම්බන්දවීමට සූදානම්ව මෙම පැමිනෙනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.
