මයික්‍රසොෆ්ට් සමාගම නිවේදනය කරන්නේ තම ඔෆීස් 2013 සදහා නිකුත්වන පලමු Service Pack ගොනුව 2014 මුල් භාගයේ නිකුත්වන්නට නියමිත බවකි.එම නව යාවත්කාලීන ගොනුවත් සමග windowa 8.1 සදහා වඩාත් සහය දැක්වීමේ හැකියාව ක්‍රියාකාරීත්වය දියුනු කිරීම් සමග නවාංග කිහිපයක් ඇතුලත්වීමට නියමිත බවටයි ප්‍රකාශ වන්නේ.Office 365 සදහා එම භාවිතාකරනන් වෙත නිරන්තරයෙන් යාවත්කාලීනයන් ලැබෙන බැවින් එය අදාල නොවුනු ඇති බවටයි වැඩි දුරටත් පහැදිලි කර සිටින්නේ. පසුගිය වසරේ නිකුත්කරනු ලැබු මෙම මෘදුකාංගය වෙත එන මෙම යාවත්කාලීනය වින්ඩෝස් 8.1 වෙත පැමිනි Blue සංකේත නාමයෙන් හැදින්වූ යාවත්කාලීනය වැනි එකක වන අතර ආයතනය තුල දැනට මෙම ගොනුව සදහා භාවිතාවන සංකේත නාමය වන්නේ "Gemini" ලෙසට වනවා.තවමත් මෙම "Gemini" නිකුතුව හා SP1 ගොනුව එකම නිකුතුවක්දැයි පැහැදිලි කිරීමක් නිකුත්ව නැති අතර නුදුරු අනාගතයේ මේ පිලිබදව වැඩි දුර තොරතුරු නිකුත්වනු ඇත් බවටයි බලාපොරොත්තුව වන්නේ.
