ෆේස්බුක්හි මෘදුකාංග සංවර්ධකයින් වෙතින් වින්ඩෝස් 8.1 සදහා app මෘදුකාංගයක් මුලින්ම නිකුත්කොට මේ වන විට ගතවෙමින් ඇත්තේ මාසයකට ආසන්න කාලයකි. එය වින්ඩෝස් වල Windows Store තුල වන වන වඩාත්ම ජනංප්‍රිය ඇප් මෘදුකාංගයක් ලෙසටයි මේ වන විට පිලිගැනෙන්නේ.මේ වන විට ෆේස්බුක් ආයතනය එහි නවසංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කොට ඇති බවටයි නිවේදනය වන්නේ.එය නවාංග කිහිපයක් මෙන්ම දියුනු කිරීම් කිහිපයකින්ද සමන්විත බවටයි නිවේදනය වන්නේ.එම නවාංග අතර tagging මෙන්ම Facebook messages සමග ඡායාරූ මෙන්ම ගොනු upload හා download කිරීමේ හැකියාව වන බවටයි නිවේදනය වන්නේ. එසේම පැමින ඇති දියුනු කිරීම් ඔස්සේ Live Tiles වලට එක්කරන අනු ටයිලයක් ඔස්සේ Facebook messages වලට කෙලින්ම ලොග් වීමේ පහසුවද වන බවටයි සටහන් වන්නේ.හදාරන්නන් පවසන්නේ ෆේස්බුක් වෙතින් වින්ඩෝස් 8.1 සදහා වන app මෘදුකාංගය සදහා දැඩි අවධානයය කින් කටයුතු කරන බව ඉක්මනින්ම නිකුත්වන යාවත්කාලීන සැලකීමේදී දැකිය හැකි බවයි.
