Pages

2013-10-01

xp භාවිතය සැප්තැම්බරයේ 2%කින් පහතට, වින්. 7 තවමත් ඉදිරියෙන්...

  මයික්‍රසොෆ්ට් සමාගම මහත් ආයාසයක් ගන්න කාරන අතර එලබෙන වසරේ අප්‍රේල් 8දාට පෙර ලොව  පුරා XPභාවිතාව හැකිතාක් අවම කරගන්නට උත්සාහය ඉහලින්ම සදහන් වේ. ගනන හැදෑරීම් වාර්ථාවක් පවසන්නේ ගෙවීගිය සැප්තැම්බර් මාසය සැලකීමේදී ලොව Xp භාවිතාව සියයට දෙකකින් පහත වැටී ඇති බවකි.එම වාර්ථාව පවසන්නේ මේ වන විට ලොව XP භාවිතාව  31.41% ලෙසට සටහන් වෙමින් සිටින්නේ වින්ඩෝස් 7වල භාවිතාව වන 46.43% වන ලොව වින්ඩෝස් භාවිතාවේ දේවන තැනට සටහන් වෙමිනි. වින්ඩෝස් 8 භාවිතාව 8.02%ක් ලෙසට සටහන් වෙමින් ලොව තෙවන තැනට භාවිතාවන මෙහෙයුම් පද්ධතිය බවට පත්ව ඇත්තේ වින්ඩෝස් විස්ටා හි භාවිතාව වන 3.98%  හතරවන තැනට පත් කරමින්ය. එම වාර්ථාවට අනූව වින්ඩෝස් 7 හි අගෝස්තු මාසයට සපේක්ශව දශන ප්‍රමානයකින් භාවිතය පහලටද වින්ඩෝස් 8 භාවිතාව අගෝස්තු මාසයට සාපේක්ශව දශම  ගනනක ඉහලයාමද පෙන්වන බව පැවසෙනවා.