මයික්‍රසොෆ්ට් සමාගම මීට මසයකට පමන ප්‍රකාශ කර සිටියේ තමන් තම skydrive සදහා optical character හදුනා ගැනීමේ පහසුව එක්කරන්නට කටයුතු කල බවකි. ඒත් සමග භාවිතාකරන්නෙකු තම ක්ලවුඩ් මූලික skydrive ගිනුම වෙත රදවන ලද ඡායාරුවක වන text එම ඡායාරුවට දකුනතින් වන තීරුවක දැක ගැනීමේ පහසුව ලැබී තිබුනා. මයික්‍රසොෆ්ට් සමාගම අද පවසා සිටින්නේ එම පහසුව ඉදිරියේදී තම bing සෙයුම් යන්ත්‍ර සේවාව සමග built-in ආකාරයට භාවිතාකරන්නන් වෙත ගෙන එන්නට තිර්නය කර ඇති බවකි. වින්ඩෝස් 8.1 භාවිතාකරන්නෙකුට තම skydrive වල රදවා ඇති ඡායාරුවක වන Text භාවිතාකරමින් Bing ඔස්සේ තොරතුරු සොයා යාමේ පහසුව මේ අනූව ලැබෙනු ඇතිබවටයි නිවේදනය වන්නේ. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මෙම පහසුව "online-only" මට්ටමේ ඡායාරූ සදහාද වලංගුවනු ඇති බවයි.