Pages

2013-10-23

Mavericks ඇපල් වෙතින් නිකුත්වෙයි!!!!

  Apple ආයතනය මේ වන විට OS X 10.9 Mavericks  මෙහෙයුම් පද්ධතිය නිවේදනය කොට තිබෙනවා. එය Mac App Store  වෙතින් නොමිළේ ලබා ගත හැකි වන්නේ නොමිළේ බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.දැනට Leopard  වල සිට ඉහලට වන මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් වෙතට මෙසේ නොමිළේ භාව්තාවට ඉඩ සැලසෙනව ඇත.WWDC  හිදී පසුගිය ජූනි මාසයේ ඇපල් ආයතනය මෙම නව මෙහෙයුම් පද්ධතිය පිලිබදව පලමුවෙන් සදහන් කරන්නට යෙදුනු අතර  වඩාත් නම්‍ය ධාවනයක් හා ශක්ති වැය අවම කිරීම් ඇතුලු දියුනු කිරීම් කිහිපයක්ම සමග එය පැමිනෙනු ඇති බවටයි පවසා සිටියේ. මීට අමතරව එම ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සමග iMovie, iPhoto හා GarageBand වැනි භාවිතාකරන්නන්ගේ සිත් ඇදගන්නා නවාංගද ‍රැගෙන එනු ඇති බවටයි පවසා සිටින්නේ.