'Blue Screen of Death' යන්න මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සම්බන්දව කියවෙන කාරනාවක් වුවද පලවන නවතමපුවතක් වන්නේ එය iPhone 5s පිලිබද කථා බහටද සම්බන්දිතව යෙදෙන්නට පටන් ගනිමින් තිබෙන බවය.Apple හි support forums වල මාතෘකාවක් බවට පත්වෙමින් ඇති මෙම BSOD තත්වය ඇපල් ආයතනයේ දැඩි අවධානාට ලක්වෙමින් ඇති තත්වයක් ලෙසටයි පලවන වාර්ථා පවසන්නේ. වින්ඩෝස් සමග භාවිතා කරන්නෙකු ලබන BSOD තත්වයට වඩා මෙම තත්වය වෙනස් වන්නේ එය දුරකථනය reboot තත්වයට ගෙනයාම බවටයි භාවිතාකරන්නන් කිහිප දෙනෙකුම පලකොට ඇති අත්දැකීම් පවසාසිටින්නේ.වින්ඩෝස් සමග භාවිතාකරන්නාහට මෙම තත්වය පැමිනෙන්නේ පරිගණකය freeze වීමක්ද සහිත වන අවස්ථා බහුලව අත්දැකින්නට හැකියි.iPhone 5s සමග මෙම අත්දැකීම් පැමිනෙන අවස්ථාවක් හැටියට වාර්ථාවන්නේ app ක්‍රෑෂ් වීම් සමග බවට පලවන අතර මෙම ක්‍රෑෂ් වීම් වල පදනම වන්නේ මෙහෙයුම් පද්ධතියේ දුර්වලතවයක් සමග වනවාට වඩා සමහර දුර්වල ඇප්ස් වල හැසිරීම නිසා බවටයි පිලිගැනීම වන්නේ.
