Pages

2013-10-11

" Internet Explorer 11 Blocker Toolkit" නිකුත්වෙයි. වින්7 සදහා වන IE11 ලගදීම...

  මයික්‍රසොෆ්ට් සමාගම පසුගිය ජූලියේ Internet Explorer 11 සදහා වන පෙර සංස්කරනයක් වින්ඩෝස් 7 සදහා නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා.එම සතියේ මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිකුත්කරන්නට යෙදුන නව නිකුතුවකින් Internet Explorer 11 හි අවසාන සංස්කරනය මෑතදී නිකුත් වන්න නියමිත කියවෙනවා. එම නිකුතුව වන්නේ " Internet Explorer 11 Blocker Toolkit" මෘදු ගොනුවයි. වැඩි වශයෙන් ආයතනික මට්ටමේදී භාවිතාවන මෙම මෘදු ආධාරකය සහයවන්නේ යම් වින්ඩෝස් 7 පරිගණක ජාලයකදි ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාව නව සංස්කරනය වෙත ස්වංක්‍රීයව එනම් Internet Explorer 11 උස්තල ගැන්වීම පාලනය කිරීම සදහායි. එසේම මෙම මෘදුකාංගය Server 2008 R2 සදහාද සහය දක්වන බවටයි ආයතනය ප්‍රකාශ කරන්නේ.වින්ඩෝස් 7 සදහා වන IE11 සංස්කරනය බොහෝ විට  එලබෙන සතියට නියමිත වින්ඩෝස් 8.1 නිකුතු වට සමාන්තරව සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.