තොරතුරු යුගයේ අභියෝගාත්මක යුගයක් පසුකරමින් සිටිමු.එනම් භාවිතාකරන්නෙකු ගේ පෞද්ගලික තොරතුරු අනවසර ලෙස සොරා ගැනීම ගැන රාජ්‍ය මට්ටමේ ආයතන වෙත දැඩි ලෙස චෝදනා එල්ලවෙමින් තිබීමය.පසුගියදා ඇපල් ආයතනය වෙතටද මෙවැන්ම චෝදනාවක් එල්ල විය. එනම් ඔවුනගේ iMessage සේවාව ඔස්සේ හුවමාරුවන භාවිතාකරන්නන්ගේ පනිවිඬ ඇපල් ආයතනය පවසන පරිදි සුරක්ශිත නොවන බවටත් ආයතනයට අවශ්‍ය විටකදී ඒවා කියවීමේ හැකියාවක් පවතින බවට QuarksLab ආයතනයෙන් කල චෝදනාවත් සමගය. එම සේවාව ඔස්සේ හුවමාරුන් සදහා end-to-end encryption ආකාරයේ සුරක්ශිත බවක් භාවිතාවුවද එහි භාවිතාවන Keys ඇපල් ආයතනය සිතැගි පරිදි වෙනස් කිරීමට වන හැකියාව ඔස්සේ ආයතනයට මෙම අවස්ථාව ලැබෙන බවටයි ඔවුන් පැහැදිලි කොට සිටියේ.ආයතනය පවසන්නේ එම චෝදනාව පසු පස සෛද්ධාන්තික පදනමක් ඇති මුත් ආයතනයේ කීර්තිනමය සුරැකීම සදහා වඩාත් ප්‍රමුකතැනක් ලබාදෙන තමන් එවැනි පියවරකට යන්නට කිහිදු ආකාරයේ කැමැත්තක් නොමැති බවත්ය.
