මයික්‍රසොෆ්ට් සමාගම තම Outlook.com හි Android සදහා වන app මෘදුකාංගය සදහා අවසාන යාවත්කාලීනයක් නිකුත්කරන ලද්දේ පසුගිය මැයි මාසයේදීය.සමාගම මේවන විට ඒ සදහා නවතම යාවත් කාලීනසංස්කරනයක් Google Play ඔස්සේ ලබා ගත හැකිවන ලෙසට නිකුත්ව ඇති බවටයි නිවේදනයනය වන්නේ.එම සංස්කරනය සමග පැමින ඇති නවාංග අතර පෙරදී වින්ඩෝස් 8 සදහා නිකුත්වූ මෙන්ම ඩෙස්ටොප් සදහා පැමිනි ඒවාට සමාන පහසුකම් ඇති බවටයි විස්තර කෙරෙන්නේ.ඒවා අතර Outlook.com ගිනුමක ඇති සියලුම ඊ මේල් බාගතකර ගැනීමේ හැකියාව මෙන්ම තම දුරකතනයේ තැන්පත්ව නැති ඊමේල් පුනිවිඩයක් වුවත් සර්වර් පහසුව සමග සොයා ගන්නට සහයවන පහසුවක්ද වන බවටයි ඔවුන් විස්තර කර සිටින්නේ.එසේම Outlook.com භාවිතාකරන්නන් හට තම aliases මට්ටමේ සබදතාවයක් තුලින් වුවද ඊමේලයන් යැවීමේ පහසුවද වන බවට පවසා සිටිනවා.
