මයික්‍රසොෆ්ට් සමගම තම Skype සමග වින්ඩෝස් 8.1 භාවිතාකරන්නන් සමහරක් සමගවූ දුර්වලතාවයක් සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත් කරන්නට කටයුතු කල අතර මේ වන විට එම ආයතනයෙන් පැවසෙන්නේ තම නව මෙහෙයුම් පද්ධතියේ SecureBoot වලදී හදුනා ගෙන ඇති දුර්වලතාවයක් සදහා මෙම නව යාවත්කාලීනය ඉලක්කව නිකුත්කරන බවයි.Build 9600 වල සිටම සමහර භාවිතාකරන්නන් විදිමින් වූ මෙම දුර්වලතාවය ඔස්සේ desktop wallpaper වල watermark හදුනා ගැනීමේ ගැටලුවක් සිදුවූ අතර ඒම ආයතනය පවසන්නේ මෙම නව යාවත්කාලීනය ඔස්සේ එම ගැටලුව අවසන් වනු ඇති බවයි.ආයතනය තම සාමන්‍ය යාවත්කාලීන නිකුත් කරන ක්‍රම වේදය වූ මාසික රටාවෙන් ඉවත්ව මෙම යාවත්කාලීන නිකුත්කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙම නව යාවත්කාලීනය 32- 64 බිට් සංස්කරන වලින් නිකුත්ව ඇති බවත් පෙර ස්කයිප් ඇප් මෘදුකාංගය සදහා සේම යාවත්කාලීනය ස්ථපනයෙන් පසුව පරිගනකය restart කිරීම අවශ්‍ය වනු ඇති බවටත් පවසා සිටිනවා.
