Pages

2013-10-13

වින්ඩෝස් 8 සදහා නිල සහය කාලය 2015 .10.18 අවසන් වනු ඇත.....

   වින්ඩෝස් 8.1 නිල නිකුතුවට ඉතිරිව ඇත්තේ තවත් සතියක කාලයකි.මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ මෙම මෙගා යාවත්කාලීනය වින්ඩෝස් 8 වෙත දියුනු කිරීම් රාශියක් සමග නවාංගද කිහිපයක් ‍රැගෙන එන්නට නියමිත බවකි. දැනට නිකුත්ව ඇති වින්ඩෝස් 8.1 සමග ඒවා බොහොමයක් මේ වන විට හෙලිවි ඇත. ඔක්තෝබර 18 එය නිල ලෙස නිකුත්කරන්නට මේ වන විට දින නියමවීද හමාරය.මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ වින්ඩෝස් 8 භාවිතාකරන්නෙකුට නොමිලේ වින්ඩෝස් 8.1 කරා තම මෙහෙයුම් පද්ධ්තිය උස්තල ගන්වා ගැනීම සදහා ලැබෙනුයේ දෑවසරක කාලයකි.එනම් වින්ඩෝස් 8 සදහා ආයතනය නිල ලෙස සහය දක්වන කාලය 2015 ඔක්තෝබර 18 වන විට අවසන් වීමට නියමිත බවකි.මේ වනූව කිය වෙන්නේ වින්ඩෝස් 8.1 වෙත තම වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඉහල නංවා ගැනීමට තීර්නය කල අයෙකුට එම සංස්කරනය සදහා වන නිල සහය කාලය 2018 ජනවාරි 9 දක්වා ලැබෙන බවයි.