පසුගිය ජනවාරියේ සිට කථාබහට ලක්වෙමින් තිබූ නොකියා වෙතින් එලි දැක්වෙමු ඇති බවට බලාපොරොත්තුවූ Lumiya 1020 වින්ඩෝස් දුරකතනය මේ වන විට නිල ලෙස එම ආයතනය විසින් නිකුත් කොට තිබෙනවා. මෙගා පික්සල 41ක කැමරාවකින් යුත් මෙම දුරකථනය ගිගා හර්ට්ස් 1.5ක ඩුවෙල්කෝර් ප්‍රොසෙසරයකින් හා ගිගා බයිට 2ක රැම් මතකයකින් යුක්ත බවටයි ප්‍රකාශ වන්නේ. එසේම microSD card සමග වැඩිකර ගැනීමේ හැකියාව සහිතව ගිගා බයිට 32ක මතක හැකියාවක් සමග අඟල් 4.5ක අධි සුපැහැදිලි තිරය Gorilla Glass 3 සමග සුරක්ශිත කර තිබෙනවා. ග්‍රැම් 158ක සැහැල්ලුවක් සහිත මෙම උපාංගය මිලිමීටර් 10.4ක ඝනත්වයකින් යුක්ත බවටත් රැහැන් රහිත ආරෝපන හැකියාවකින් යුක්ත බවට පවසන ඔවුන් LED ප්ලැෂ් සමගින් ඡායාරුවක් හෝ වීඩියෝවක් ලබා ගැනීමේදී භාවිතාකරන්නාගේ හැසිරවීමේදී වන අනවශ්‍ය සෙලවීමක් සමග පවා පැහැදිලි ලබා ගැනීමක් සදහාවන තාක්ශනයෙන් සමන්විත වන බවටයි සටහන් වන්නේ. එසේම 'reinvented zoom' සමග සාමන්‍ය දැසකින් දකිනවාට වඩා සවිස්තරාත්මක ඡායා සටහනකට මෙම උපාංගය සූදානම් බවටත් ඔවු පවසා සිටිනවා.
