Pages

2013-07-23

ජාවා ARM processors දෙසට ...

      උපාංග හා මෘදුකාංග ආයතන මේ වන විට තම වැඩි අවධානය යොමුකර සිටින්නේ ජංගම ගතියෙන් වැඩි ශක්ති වැය අතින් අඩු වෙළඳ පොල දෙසටය. කෙමෙන් වැඩි වෙමින් ඇති මෙම ප්‍රවනතාවයට ගරුකරමින් Oracle හා ARM ආයතනයන්ද ජාවා පරිගණක භාශාවද වඩාත් ARM 32-bit තලය දෙසට හා  ARMv8 64-bit  තලය දෙසට නැබුරු වන සේ චලනය කරවීමේ  වියාපෘතියක් අරබා ඇතිබවටයි නිවේදනය වන්නේ. ඔවුනගේ අරමුන වන්නේ embedded systems හා enterprise software භාවිතාවන්ට ජාවා වඩාත් සමීප කරවීම බවටයි සටහන් වන්නේ. ජාවාහි වඩාත් පිලිගැනෙන හැකියාව වන බහු ප්ලැට්ෆෝමයන් මත හැසිරීමේ හැකියාවට අමතරව මෙම නව දියුනු කිරීම් සමග ARM multicore systems මත වඩාත් නම්‍යව හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වෙමින් ඇත්තේ.