Pages

2013-06-18

ස්කයිප් වීඩියෝ පනිවිඬ සේවාවේ බීටා කාලය අවසන්වේ...

                   ස්කයිප් වෙතින් පලවන නිවේදනයකට අනූව පැවසෙන්නේ තම ස්කයිප් මැසේජ් සේවාව මේ වන විට තම පෙර සංස්කරන යුගය අවසන් කර ඇති බවකි. මෙම සේවාවේ පෙර සංස්කරනය මැක් හා ඇන්ඩ්‍රොයිඩ් සමග මෙම වසරේ පෙබරවාරි 15 සිට අත්හදාබැලීමේ අවස්ථාව තිබුනු අතර වින්ඩෝස් ඩෙස්ටොප් සමග අප්‍රේල් 30 හා වින්ඩෝස් 8 ඇප් සමග මැයි මස 2දා සිට ක්‍රියාත්මකව පවතින ලදී. එසේ උවද තවමත් වින්ඩෝස් ෆෝන් මෙහෙයුම් පද්ධතිය සමක ක්‍රියාත්මක නොවන මෙම සේවාව ඔස්සේ භාවිතාකරන්නෙකුට තම වීඩියෝ පනිවිඩයක් විනාඩි 3ක කාලයකට යටත්ව පටිගත කොට තම ස්කයිප් මිතුරෙකුට නොමිලේම යැවිය හැකිය.