Pages

2013-06-27

වින්ඩෝස් 8.1 සමග ත්‍රිමානීය මුද්‍රනයට නිල පිවිසුමක් ......

        ත්‍රිමානීය මුද්‍රනය වින්ඩෝස් 8.1 සමග නිල ලත් භාවිතාවක් බවට පත්කොට ඇත. ප්‍රථම වතාවට මෙහෙයුම් පද්ධතියක් තුලට ත්‍රිමානීය මුද්‍රනීය පහසුව දැන් පැමින ඇත. තාක්ශන ක්‍රම කිහිපයක් ඔස්සේ සිදුවන මෙම ක්‍රියාවලියේදී බහුලව දක්නට ලැබෙන ක්‍රමවේදය වන්නේ පරිගණකය මත නිර්මානය කරන ත්‍රිමානීය නිමැවුන්ම් සටහනක් ත්‍රීඩී ප්‍රින්ටරයක් ඔස්සේ ප්ලාස්ටික් මිශ්‍රිත අමුද්‍රව්‍ය භාවිතාකරමින් නිර්මානය කිරීමයි.මෙම අමුද්‍රව්‍ය වල වපසරිය ප්ලාස්ටික් වල සිට විවිධ ලෝහ වර්ග දක්වා විහිදෙනු ඇත.වර්තමානයේ ක්‍රමයෙන් මෙම භවිතාව වැඩි වෙමින් ඇති අතර පලදින ආභරනයක සිට යන්ත්‍රයක කොටස් දක්වා වන පුලුල් අවකාශයක වන දෛනික අවශයතා සදහා එය සූදානමින් ඇත.මෙම මුද්‍රන ක්‍රියාවලිය සදහා ලේසර් යොදාගනිමින් අමුද්‍රව්‍යයක් වෙතින් අනවශ්‍ය කොටස් ඉවත්කර දැමීමේ ක්‍රම වේදයක්ද භාවිතා වෙමින් ඇත.