Pages

2013-06-02

වින්8 වලදී මොඩර්න් UI මග හැර ස්ටාර්ට් බටනය සහිත ඩෙස්ටොප් එක මතට යන්නට.......

     මවුස භාවිතාව ප්‍රමුක ඩෙස්ටොප් පරිගණකයන් තවමත් වැඩියෙන් භාවිතාවන පරිගණක ලෝකයේ වින්ඩෝස්8 ‍රැගෙන ආ නව භාවිතාවන් අතරින් ස්ටාර්ට් මෙනුව අහිමි වීම හා මොඩර්න් ඉන්ටර්ෆේසය හරහා සුපුරුදු ඩෙස්ටොප් මුහුනත පැමිනෙන්නට සිදුවීම බොහෝ දෙනාහට මහත් අපහසුවක් කැදවන කරුනක් ලෙසට කථා බහට ලක්වෙමින් ඇත. වින්ඩෝස් 8.1 සමග යම් විසදුමක් ලැබෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබුනද විටක එයද විවාදාත්මක කරුනක් ලෙසට තවමත් පවතී. මොඩර්න් යුසර් ඉන්ටර්ෆේසය මග හරිමින් සුපුරුදු ඩෙස්ටොප් එක මතට ස්ටාර්ට් බටනය සමග පැමිනෙන්නට සහය වන භාහිර පාර්ශවයන්ගේ මෘදුකාංග කිහිපයක්ම බහුල ඉල්ලුමක් සමග පැමින ඇති අතර පහත දැක්වෙන්නේ එවැනි ආකාරයේ නොමිලේ භාවිතාකල හැකි මෘදුකාංගයකි.
                                               ස්වංක්‍රීයව සුපුරුදු ඩෙස්ටොප් එක මතට යොමු කිරීම, වින්ඩෝස් 7 ආකාරයේ ස්ටාර්ට් ගොනුව, වින් යතුර සදහා එකග හැසිරීම මෙන්ම සුපුරුදු සර්ච් කවුලුව ආදී පහසුකම් රාශියක් සමග මෙම මෘදුකාංගය පැමින ඇති අතර සමහර නුපුරුදු වින්8 අංග මග හැරීමටද එය සහය වන බවටයි පෙනෙනට ඇත්තේ.