Pages

2013-05-25

ඉන්ටෙල් 'Haswell' ප්‍රොසේසරය 50% ක බල පිරිමැසුම්දායකය......

              ඉන්ටෙල් ආයතනය පවසන්නේ තම මීලග ප්‍රොසෙසරය සමග පරිගණකයේ බැටරියේ බල සැපයුම සියයට 50කින් වැඩිකරලන්නට තමන්ට හැකිවනු ඇති බවයි. 'Haswell' ලෙසට සංකේත නාමයකින් හැදින්වෙන ඉන්ටෙල් ප්‍රොසෙසර් මීලග පරම්පරාවේ උපාංගයන් නිර්මානය කිරීමේදී මොබයිල් උපකරන සමග වඩාත් සහයෝගකින් ක්‍රියාත්මකවීමේ හැකියාව කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇතිව තමන් සැලසුම්කල නිසා මෙම ප්‍රථිපල ලබා ගත හැකිවූ බවටයි පවසා සිටින්නේ.ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම ඉතිරිය කෙරෙහි බලාපනුයේ ප්‍රොසෙසරයේ සාමන්‍ය ක්‍රියාකාරීත්වයෙදී  වන බල භාවිතාව නොව පරිගණකයේ idle හා standby modes  අවස්ථාවලදී වඩාත් කාර්යක්ශමව  ක්‍රියාත්මක වීමට සැලැස්වීමෙන් බවයි.තම ප්‍රොසෙසරයන් භාවිතාවන  ටැබ්ලට් උපාංග  වල බල භාවිතය 7w දක්වා අඩුවී ඇති මුත් සාමන්‍ය ක්‍රියාකාරීතයේ කිසිදු වෙනසක් දක්නට නොලැබෙනු ඇති බවටයි සටහන්කර සිටින්නේ.