Pages

2013-04-06

ෆේස්බුක් හෝම් ඇන්ඩ්‍රොයිඩ් මත දිවෙන මෘදු ලේයරයකි.......

තොරතුරු අවකාශය පිලිබදව උනන්දුවක් දක්වන්නන් අතර මහත් කුතුහලයක් ඇතිකල මෑත කාලීන කාරනා අතර ෆේස්බුක් සමාගමේ "හෝම්" යන්න ඉහලම තැනක් ගෙන තිබිනි. එක් කොටසකගේ බලාපොරොත්තුව වූවේ එය ෆේස්බුක් සමාගමෙන් හදුන්වා දෙන ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් වන බවටයි. කෙසේ වෙතත් මේ වන විට එම කුතුහල සංසිදවමින් හෝම් යනු ඇන්ඩ්‍රෝයිඩ් මත ධාවනය වන මෘදුකාංගයක් බවට කරුනු හෙලිවි තිබෙනවා. ෆේස්බුක් ආයතනය පවසන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය කිසිදු වෙනසකට පත් නොකොට ඔබගේ සමාජ ජීවිතය වඩාත් පුලුල්ව අත්විදින්නට ඉඩ සලසන ඇප් කිහිපයකින් සමන්විත ඇන්ඩ්‍රොයිඩ් මත ධාවන වන නව මෘදු ලේයරයක් ලෙසට මෙම නව මෘදුකාංග අත්දැකීම විස්තර කරන්නට හැකි වන බවයි.

http://youtu.be/Lep_DSmSRwE