Pages

2013-04-04

ස්කයිප් භාවිතය දිනකට මිනිත්තු බිලියන දෙකක් ඉක්මවයි....

ප්‍රකට ස්කයිප් සේවාව මේ වන විට දිනකට මිනිත්තු බිලියන දෙකකට වඩා භාවිතාවක් ලබමින් සිටින බවටයි දැක්වෙන්නේ. මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විටත් තහවුරු කොට සිටින්නේ ඉදිරියේදී තම අවුට්ලුක් ඊමේල සේවාව හා එක්ස්බොක්ස්  සමග ස්කයිප් එක්වෙමින් වඩාත් පුලුල් පරාසයක ඔස්සේ භාවිතාකරන්නන් වෙත සමීපවීමට නියමිත බවයි.පහත දැක්වෙන සටහන මෙම සේවාවේ බහුල භාවිතාව සිත්ගන්නා සුලු උදාහරන කිහිපයක් ඔස්සේ පහදාදීම සදහා ආයතනය විසින් නිකුත්කොට තිබෙනවා.