මේ මොහොත වන විටත් ටුවිටර් , අයි ක්ලවුඩ් හා අයි ටියුන් සේවාවන්හි තාවකාලික බිඳ වැටීමක් වාර්ථාවෙමින් තිබෙනවා. ටුවිටර් ආයතනය පවසන්නේ සමහර භාවිතාකරන්නන් වෙත තම සේවාවෙහි යම් අපහසුකම් අත්විඳිමින් සිටින බවත් තම කාර්ය මංඩලය තත්වය යතාතත්වයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි. ආයතනය ඇතිවී ඇති ගැටලු සහගත තත්වය පිලිබදව වැඩි දුරට තොරතුරක් නිකුත්කර නොමැති බවටයි දක්නට ලැබෙන්නේ.ඇපල් සේවාවන් වන අයි ටියුන් හා අයි ක්ලවුඩ් සේවාවන් සදහාද භාවිතාකරන්නන්හට "ලොග්" වීමේ අපහසුතවයක් වාර්ථාවෙමින් පවතින අතර ආයතනය තවමත් තත්වය පිලිබඳ කිසිඳු නිවේදනයක් නිකුත් කර නොමැත.
