ඔබ බ්‍රසීලයේ ජීවත්වන වින්7 හි 32 බිට් සංස්කරනයක් භාවිතාකරන්නෙකු වන්නේනම් මයිරසොෆ්ට් වෙතින් නිකුත්ව ඇති KB2823324 යාවත්කාලීනය පරිගණකය වෙත ස්ථපනයය නොකර ගැනීමේලා කල්පනාකාරීවීම වැදගත් වනු ඇති බවටයි තොරතුරු වාර්ථාවන්නේ. බ්‍රසීල භාවිතාකරන්නන් අතරින් පැවසෙන චෝදනාවක වන්නේ ඉහතකී යාවත්කාලීනයෙන් පසුව පරිගණකය නොනවත්වාම "රීබූට්" වීමේ තත්වයක් අත්විඳින්නට සිදුවී ඇති බවයි. බ්‍රසීලය තුල භාවිතවන මෙම සංස්කරනය සහිත පරිගණක අත්විදිමින් ඇති මෙම තත්වය පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනය තම අවධානය යොමුකර ඇති බවත් තාවකාලිකව ඉහතකී පරිගණකයන්ගේ ස්වංක්‍රීය යාවත්කාලීන පහසුව අක්‍රියකිරීම වැදගත් වන බවටත් පවසා සිටිනවා. දැනට මත් මෙම යාවත්කාලීනය ලබාගෙන ඇති අය සදහා පරිගණකය "සේෆ් මූඩ් ( )" ඔස්සේ බූට්කර "කමාන්ඩ් ප්‍රොම්ට්" වෙත පිවිස DISM.exe / image: C: \ [windows8 install]/ cleanup-image / revertpendingact ක්මාන්ඩ් සටහන ලබදෙන ලෙසටත් ආයතනය වැඩිදුරටත් පවසා සිටිනවා.
