Pages

2013-03-20

ගූගල් සතු විවිධ chat පහසුකම් සියල්ල එක තැනකට ගොනුවනු ඇත....

ගූගල් ආයතනය තම භාවිතාකරන්නන් සදහා ලබාදී ඇති විවිධ තලයේ "චැට්" පහසුකම් එක්තලයක් වෙතට ගෙනවිත් උපාංග විවිධත්වය හෝ සේවා විවිධත්වය නොසලකමින් එකම ස්ථනනයකට ගොනුකිරීමේ සැලැස්මක් පිලිබද මේ වන විට නිල නොවන ලෙසට කරුනු හෙලි වෙමින් පවතිනවා. මෙහි ගොනුවන්නට නියමිත දෑ අතර දැනට ගූගල් යටතේ ක්‍රියාත්මක වන Google Talk, Hangouts  හා Voice  සේවාවන්  පවතින බවටයි පැවසෙන්නේ.
                            Babble ලෙසට  නම්වෙනු ඇති බවට බලාපොරොත්තු වන මෙම සේවාව නිසා ඔවුන්නගේ ඇන්ඩ්‍රොයිඩ් භාවිතාකරන්නන් වෙත මතුව ඇති ගැටලු නිරාකරනය වනු ඇති බවට බලාපොරොත්තුවන වන අතර ඒ සමග ඔවුනගේ හිතවතුන්  සමග ටැබ්, ලැප් හා ස්මාර්ට් මට්ටමේ දුරකථන සමග පහසුවෙන් ගනු දෙනු කරගත හැකි වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙම නවාංගය මෙම වසරේ මැයි මැද භාගයේ පැවැත්වීමට නියමිත හමුවකදී  නිකුත්වනු ඇති බවටත් සටහන් වනවා.