Pages

2013-03-15

මයික්‍රසොෆ්ට් සේවා බිඳ වැටීම නොනිසි නඩත්තුවේ ප්‍රථිපලයකි.....

පසුගියදා මයික්‍රසොෆ්ට් ආයතනයේ සේවාවන් කිහිපයකම පැය 16ක බිඳවැටීමක් වර්ථා වනු ලැබුවා. Outlook.com, Hotmail, Calendar , SkyDrive වැනි සේවාවන් ඒ අතර වුවා. ආයතනය පවසන්නේ මෙම බිද වැටීම නිසිලේස තම දත්ත මධ්‍යස්තාන නඩත්තු නොකිරීමේ ප්‍රථිපලයක් බවයි.තම ඩේටා සෙන්ටර්ස් වල උපංගයන්ගේ මෘදුකාංග නිසිලෙස  යාවත්කාලීන නොවීම හේතුවෙන් ක්ශනිකව ඇතිවූ උෂ්නත්වය අදිකවීමක ප්‍රථිපලය ලෙසට මෙම තත්වය ඇතිවූ බවටයි ඔවුන් පවසන්නේ.පසුව මිනිස් මැදිහත්වීමකින් එම උපාංගවල ගැටලු සහිත බව නිරාකරනය කොට පද්ධති ප්‍රකෘති තත්වයට ගෙන ඒමට සැලකිය යුතු ප්‍රමානයේ කාලයක් ගතව තිබුනා.