Pages

2013-03-08

මයික්‍රසොෆ්ට් සම්බන්දිත ව්‍යාජ ඊමේලයක් සමග ට්‍රෝජන් හනිකරයක්!!!

ඔබ වෙත ලැබෙන ඊමේලයන් විවෘතකිරීමේදී සැලකිලිමත්වීම ඉතා වැදගත් විය හැක.නිරෝගී පරිගණකයක් සදහා මෙම යහ පුරුද්ද වැදගත් බව හැගවෙන නවතම පුවතකට අනූව කියවෙන්නේ අන්තර්ජාලය තුල මේදිනවල පැතිරෙමින් පවතින ඊමේලයක් පවසා සිටින්නේ එය මයික්‍රසොෆ්ට් ආයතනයේ ඩිජිටල් අපරාධ පිලිබද විමසන අශය විසින් යොමු කර ඇති බවකි. එය පවසා සිටින්නේ භාවිතාකරන්නාගේ අනන්‍යතාවය තහවුරු කිරීම සදහා එම ඊමේලයේ ඇමනුම් සබදතාවයක් තුලින් අදාල ගොනුව ලබා ගන්නා ලෙසයි. එනමුත් එම සබදතාවය විවෘතකල විට පරිගණකය වෙත පැමිනෙන්නේ ට්‍රෝජන් ආකාරයේ හානිකරයක් බවයි ඔවුන් පවසන්නේ.