එලබෙමින් ඇති වසන්තය ඉලක්ක කර ගනිමින් වින්ඩෝස් 8 භාවිතාකරන්නන් සදහා නව තේමාවන් කිහිපයක් මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය විසින් නිකුත්කර තිබෙනවා. මෙවා අතර ප්‍රකට ඡායාරූ ශිල්පීන් විසින් ගනු ලැබූ රූ ගොනු කිහිපයක් වන අතර එලබෙන වසන්තයේ විසිතුරු බව විස්තර කෙරෙන ඡායාරූ වලින් සමන්විත වන අතර තවත් ගොනුවක් ඩොල්‍ෆින් මසුන්ගේ අපූරු ඡායාරූ සටහන් වලින් සමන්විත වනවා.තෙවන ගොනුව විශාල මට්ටමේ panoramic ආකාරයේ දිවිත්ව මොනිටර් භාවිතාවකට ගැලපෙන කාන්තාරයකදී දැකිය හැකි අපූර්ව ඡායාරූවලින් සමන්විත වන බවටයි දැක්වෙන්නේ.
