Pages

2013-02-19

බින් සෙයුම් යන්තර ඔස්සේ මිතුරන්ගේ ඡායාරූ සොයා ගැනීම වඩාත් පහසුවේ....

මයික්‍රසොෆ්ට් ආයතනය සති කිහිපයකට පෙර පවසා සිටියේ තම බින් සෙයුම් යන්තරය සමග ක්‍රියාත්මකවූ වීඩියෝ සෙයුම් අංගය නවීකරනය කල බවකි. අද නිකුත්වන නිවේදනයකින් පැවසෙන්නේ තම මිතුරන්ගේ ඡායාරූ සෙවීම වඩාත් පහසු කිරිම සදහා 2012දී හදුන්වාදීතිබූ අංගය වින්ඩෝස්8 මුහුනත සදහා වඩාත් ගැලපෙන සේ හා වඩාත් වේගවත් මෙන්ම සෙවීමේ සීමාවන් වඩාත් පුලුල් වන සේ දියුනු කිරීමට තමන්ට හැකිවූ බවයි.ඔවුන් පවසනවා එම ඡායාරූ ස්ලයිඩ් ෂෝ එකක ආකාරයෙන් නැරබීමේ හැකියාවක් ලබා දෙන නව උපාංගයකුත් බින් වෙත එකතුකරන්නට තමන් කටයුතු කර ඇති බවයි.
                                       ඡායරුවක් මත ක්ලික් කිරීමකින් පමනක් දැන් එය පෙරකී ස්ලියිඩ් ෂෝ ව මතට එක් කර ගත හැකිවා පමනක් නොව ෆේස්බුක් මතට ගොස් ඒහා සමාන ඡායාරූ සොයාබැලීමේ හැකියාවද මෙම නව හදුන්වාදීම් සමග භාවිතාකරන්නාට ලැබෙන බවටයි ආයතනය පවසන්නේ.