Pages

2013-02-02

‍ටුවිටර් වෙතට අනවසර පිවිසුමක්, ගිනුම් 250000ක තොරතුරු සොරා ගනී!!!



‍ටුවිටර් ආයතනය මීට සුලුවේලාවකට පෙර නිවේදනය කර සිටියේ තම භාවිතකරන්නන්ගේ ගිනුම් 250,000ක පමන තොරතුරු සොරාගැනීමකට ලක්ව ඇති බවයි.ඔවුන් පවසන්නේ අනවසර පිවිසීම අතරතුර එය හදුනා ගන්නට සමත්වීම නිසා ක්ශනිකව  සර්වරයන් අක්‍රිය කර දමන්නට තමන් කටයුතු කල බැවින් තත්වය පාලනය වී ඇති බවත් එන්ක්‍රිප්ට් තත්වයේ ඇති මෙම දත්තයන් පහසුවෙන් පහරදෙන්නන් හට භාවිතාකිරීමට නොහැකි වන මුත් එම භාවිතාකරන්නන්ගේ අවසර පද මේ වන විට රී සෙට් කිරීමකට ලක් කර ඇති බැවින් ඔවුන්හට තම නව අවසර පද  සකස්කර ගැනීමට අදාල සබදතා සහිත ඊමේලයන් මේ වන විටත්  නිකුත් කරමින් සිටින බවයි.එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ ප්‍රහාරයට අදාල වගකිව යුත්තන් සොයායමින් පවතින බවත් මෙම ප්‍රහාරය මෙම දිනවල බහුලව යොදා ගන්නා ක්‍රමවේදයක් ඔස්සේ සිදුව ඇති බවත් භාවිතාකරන්නන් තම ජාවා භාවිතය පිලිබද සැලකිලිමත්වීම වැදගත් බව නැවත මතක්කරන්නට  කැමති බවය.