Pages

2013-01-07

NVIDIA උපකරන ඩ්‍රයිවර්ස් සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත්වේ


ප්‍රකට පරිගණක ග්‍ර‍ෆික් උපාංග සමාගමන් වන NVIDIA විසින් තම උපාංග සදහා ඩ්‍රයිවර් යවත්කාලීනයක් නිකුත් කොට තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම යාවත්කාලීනය උපකරනයේ ක්‍රියාකාලීත්වය වැඩි කිරීමට වඩා හදුනා ගෙන ඇති මෘදු දුර්වලතාවය ඉලක්ක කර ගනිමින් නිකුත්කර ඇති බවයි. පසුගිය නත්තල් දිනයේදී බ්‍රිතාන්‍ය හදාරන්නෙකු විසින් හෙලි කොට සිටි ඩිස්ප්ලේ ඩ්‍රයිවර්ස් දුර්වලතාවයක් පිලිසකර කරමින් මෙම යාවත්කාලීනය නිකුත් කර තිබෙන්නට ඉඩ ඇතැයි පැවසෙන අතර එය සංස්කරන අංක 310,90 ලෙසට නම් වන අතර පහත දැක්වෙන සැබැදියාව ඔස්සේ ලබාගත හැකිවනු ඇත.
                  හදුනාගෙන තිබූ එම දුර්වලතාවය ඔස්සේ පහරදෙන්නෙකුට අමතර තවත් යම් තොරතුරු කිහිපයක් ඔස්සේ වෙනත් පරිගණකයකට අනවසර පිවිසීමක් කරන්නට හැකියාව ලැබෙන අතර මෙම  යාවත්කාලීනය එම දුර්වලතාවය  සමනය කරන බවත් ඊට අමතරව පරිගණක ක්‍රිඩා කිහිපයක් සදහාම වැඩි දියුනු කිරීම් වලින්ද සමන් විත බවටයි එම ආයතනය පවසන්නේ.

http://www.geforce.com/drivers