Pages

2013-01-08

ටෙරා බයිට් එකක ප්ලෑෂ් ඩ්‍රයිව් එකක්......


Kingston ආයතනය පවසන්නේ මෙම වසරේ පලමු කාර්තුව තුල ටෙරා බයිට් එකක ධාරිතා හැකියාවකින් යුත් ප්ලෑෂ් ඩ්‍රයිව් උපාංගයක් වෙළඳ පොලට නිකුත් කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. USB 3.0 තාක්ශනයට අදාල වන මෙම උපාංගය තප්පරයට 10ක වේගයකින් දත්ත හුවමාරු කිරිමේ හැකියාවෙන් යුත්ත වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.වැඩි දුරටත් ඔවුන් පවසන්නේ USB 3.0 සම්බන්ද තාවයකදී තප්පරයකට 240 මෙගා බයිට් වේගයකින් දත්ත ලිවීමේ හැකියාවක් ද USB 2.0 සම්බන්දතාවයක් තුලදී තප්පරයකට මෙගා බයිට 30ක වේගයකින් දත්ත ලිවේමේ හැකියාවකින්ද මෙම උපාංගය සමන්විත වනු ඇති බවයි.  තවමත් මෙම උපාංගයේ මිල ගනන් හෙලිව නැති බවටයි සටහන් වන්නේ.