Pages

2013-01-19

වින්ඩෝස් ෆෝන් 7.8 ජනවාරි මස අගදී...


පලවන නවතම වාර්ථා පවසන්නේ වින්ඩෝස් ෆෝන් 7.8 ජනවාරි මස අවසන් කාලයේදී නිකුත්කිරීමට නියමිත බවයි. දැනටමත් පැවසී ඇති පරිදි මෙම නව සංස්කරනය බොහෝ නවාංග ගෙන එමට නියමිත නැති වුවද භාවිතාකරන්නන්හට පහසුවෙන් හැසිරවිය හැකි ස්ටාර්ට් ස්ක්‍රීනයක් ‍රැගෙන ඒමට නියමිත බවයි. විවිධතාවයක් සහිත වර්ණ පසුතල මෙන්ම ටයිලයන්ගේ ප්‍රමානයන්ද වෙනස්කිරීමේ හැකියාවෙන් යුක්ත වනු ඇති බවයි. බාහිර පාර්ශවයක මෘදුකාංගයක්දැයි තවමත් පැහැදිලි නැති ලොක් ස්ක්‍රීනයක් පිලිබදවද තොරතුරු පැතිරෙමින් ඇති අතර දැනට හදුනාගෙන ඇති දුර්වලතාවයන් කිහිපයක් පිලිසකර කිරීම් වලින්ද සමන්විත වනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.