Pages

2013-01-14

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6-8 වල හදුනාගෙන තිබූ දුර්වලතාවය සදහා යාවත්කාලීනයක් නිකුත්වේ


මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා පසුගිය කාලයේ මහත් කථාබහට ලක්වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6-8 සංස්කරනයන්හි හදුනාගෙන තිබූ අතිශය මට්ටමේ දුර්වලතාවය සදහා පිලිසකර යාවත්කාලීනයක් අද නිකුත්කිරීමට නියමිත බව.දෙසෙම්බර් මස 29 සිට මෙම ගැටලුව පිලිබදව කථාබහට ලක්වූ අතර සාමාන්‍ය ක්‍රමවේදයෙන් පිටදී නිකුත් කෙරුනු මෙම යාවත්කාලීනය ස්ථාපනයෙන් පසුව පරිගණකය නැවත පනගැන්වීමේ අවශ්‍යතාවයෙන් යුක්ත වනු ඇති බවටයි නිවේදනය වන්නේ. කෙසේ වෙතත් ආයතනයෙන් පැවසෙන්නේ වඩාත්ම පහසුවෙන් මෙම ගැටලුව විසදා ගත හැකි ක්‍රමය වන්නේ  තම බ්‍රවුසරය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හෝ 10 දක්වා ඉහලතල ගන්වා ගැනීම බවටයි සටහන් වන්නේ.