Pages

2012-12-11

වින්8 ආශ්‍රිත නිෂ්පාදන සදහා එක්සත් රාජධානිය පුරා යෝධ ප්‍රචාරක වැඩපිලිවලක්...



ගෙවෙමින් යන වසර මයික්‍රසොෆ්ට් ආයතනයට නව නිෂ්පාදන නිකුත්කිරීම සදහාම කාර්ය බහුලවූ වසරක් ලෙසටයි සටහන් වන්නේ.වින්ඩෝස් 8 ආශ්‍රිතව මෙහෙයුම් පද්ධතියක් , දුරකථන  , සර්ෆේස් පරිගනකය ආදී නව ඉදිරිපත් කිරීම් රාශියකින් මෙම වසර පිරී ගොස් තිබුනා. මේ වන විට ආයතනය යෝධ මට්ටමේ ප්‍රචාරක කටයුතු වෙත වැඩි අවාධානයකින් කටයුතු කරමින් සිටින බවටයි හෙලි වන්නේ. "ස්ටාර්ට් ස්ක්‍රීනය" මූලික කරගනිමින් එලිමහන් යෝධ දැන්වීම් එක්සත් රාජ ධානියේ සාප්පු සංකීර්න හා සිනමාහල් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් පවතින බවටත් , නරබන්නන්ගේ වැඩි අවධානයක්  ලබා ගැනීම සදහා මෙම සංක්‍රීය දැන්වීම් පුවරු වෙත තම ඡායාරූ හා නම් ලබා දෙමින් වඩාත් පෞද්ගලික භාවිතාවකට වින් 8 සහය වනයුරු පිලිබද හැගීමක් ලබා ගැනීමේ හැකියාව ආයතනය විසින් ලබා දෙමින් සිටින බවටයි සටහන් වන්නේ.