Pages

2012-12-22

වින්ඩෝස්8 පෙර සංස්කරන ජනවාරි 15 දක්වා පමනයි...



මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටිනවා වින්ඩෝස්8 සදහා නිකුත්කර ඇති සියලුම පෙර සංස්කරනයන්  එලබෙන වසරේ ජනවාරි මස 15 වන විට කලිකුත්වීමේ තත්වයට පත්වන්නට නියමිත බව.මේ අනූව ජනවාරි පලමු වෙනිදා සිට ඒ සදහා වන අනතුරු ඇගවීම් සියලුම වින්ඩෝස්8 පෙර සංස්කරන සදහා දැක් වෙනු ඇති බවයි. දැනට නිකුත්ව ඇති පෙර සංස්කරන 3ම සදහා මෙම තත්වය බලපානු ඇති අතර ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ජනවාරි 15 වන දිනෙන් පසුව එම මෘදුකාංගය භාවිතය නිති විරෝධී කටයුත්තක්  වනු ඇති බවයි. මෙදිනින් පසුව මෙම සංස්කරන භාවිතාවන පරිගණක සැම පැයකට වරක්ම නැවත "රීස්ටාර්ට්" වීමේ ක්‍රියා වලියකට යටත් වන අතර එලබෙන මාසයේ  මුල් දෙසතිය තුල මුදල් ගෙවා නෛතික සංස්කරනයක් වෙත තම මෙහෙයුම් පද්ධතිය ඉහලනංවා ගැනීම හිතකර වනු ඇති බවටයි පවසා සිටින්නේ.