Pages

2012-11-10

යාහු වෙතිනුත් වින්8 හ වඩාත් ගැලපෙන මුල් පි‍ටුවක් ලගදීම....

 

යාහු දෙසින් පලවන නිවේදනයකට අනූව පැවසෙන්නේ ඔවුන්ද වින්ඩෝස්8 සදහා වඩාත් ගැලපෙන ආකාරයේ යාහු මුල් පි‍ටුවක් සකස්කිරීම මේ වන විට සිදුවෙමින් පවතින බවයි. වින්8 හි ස්වභාවය වන ඍජුකෝනාශ්‍ර හා හත‍රැස් ගතියෙන් යුතු ටයිල්මය ස්භාවය තම යහූ මුල් පි‍ටුව කරා ගෙන එන්නට සමත් වන ආකාරයෙන් නව යාහු පි‍ටුව නිර්මානය කරන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා පවසන්නේ. යාහු සතුව ස්පර්ශ මූලික මිත්‍ර ආකාරයේ මුල් පි‍ටුවක් ඇති මුත් එය තවමත් ඇපල් උපකර සදහා පමනක් වෙන්ම ඇති මුත් මෙම නව වෙනස්කම් සමග එය සාමන්‍ය භාවිතයට පැමිනෙනු ඇති බවටයි සටහන් වන්නේ. දැනට මත යාහු හා මයික්‍රසොෆ්ට් අතර සෙයුම් යාන්ත්‍රනය සදහා සහයෝගයෙන් කටයුතු කරමින් සිටිනවා.