Pages

2012-11-08

වින්8 මෙට්‍රෝ මුහුනත XP, VISTA , WIN7 ඩෙස්ටොප් වෙතට කැදවන්නට සහය මෘදුකාංගයක්.....



වින්ඩෝස් මෙට්‍රෝ මුහුනත වඩාත් ආකර්ශනීය වන්නේ එහි වන ටයිල් ආකාරයේ ඇප්ලිකේශන් සබදතා පෙර සාම්ප්‍රධායික ඩෙස්ටොප් අයිකනයන් මෙන් නොව සජීවී දත්ත තොරතුරු ‍රැගෙන එමින්  එම ඇප්ලිකේෂනය තුලට නොපිවසී වුවද මූලික තොරතුරු ලබා ගැනීමේ හැකියාව භාවිතාකරන්නාට ලබා  දීමයි. උදාහරනයක් ලේ කාලගුනය පිලිබද මූලික තොරතුරු එම ටයිලය මත සංෂිප්තව දැක්වෙන අතර පැමින ඇති ඊමේල පිලිබද තොරතුරු ඊමේල සබදතා ටයිලය මත දැක්වීම සදහන් කල හැක.
                        මෙම මෘදුකාංගය සමග ඔබට වින්8 මෙට්‍රො මුහුනත ඔබගේ XP, VISTA , WIN7   මෙහෙයුම් පද්ධති වල ඩෙස්ටොප් මතට කැදවිය හැකි වන අතර මේ හා සමාන්තර බොහෝ මෘදුකාංග සමග සැසදීමේදී මෙම මෘදුකාංගය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවටයි එහි නිර්මාන කරුවන් පොරොන්දුවෙමින් සිටින්නේ.

http://download.iobit.com/winmetro-setup.exe