Pages

2012-08-24


ෆේස්බුක් ආයතනය පවසනවා තම වෙබ් අඩවිය සමග හදුන්වා දී ඇති ඊමේල් සේවාව වෙත අලුතින්ම හදුන්වා දී ඇති වෙනස්කම් සමග එය බොහෝ දුරට සාමන්‍ය මට්ටමේ ඊමේල් ගිනුමක් ලෙසින් භාවිතාකිරීමේ හැකියාව ලැබෙන බව. ඇපල් ආයතනය තම අයි පෑඩය සදහා හදුන්වා දී ඇති ස්පර්ෂක ම්ත්‍ර ඊමේල් සේවාවට බොහෝ දුරට සමාන ලෙස නිමවී ඇති බවටයි පැවසෙන්නේ. විශාල ගොනු පහසුවෙන් තම ඊමේලය වෙත සම්බන්ද කිරීමේ හැකියාව කෙටි යතුරු මං රාශියක් සමග පහසුවෙන් හැසිරවීමේ හැකියාව ආදී වැඩි දියුනු කිරීම් පිලිබදව ඔවුන් පවසා සිටිනවා. ෆේස්බුක් මැසේජ් සේවාවේ මෙම නව සංස්කරනය සියලුම භාවිතාකරන්නන් වෙත ක්‍රමයෙන් මුදාහැරීම ආරම්භකර ඇති බවටයි පැවසෙන්නේ.