Pages

2012-07-06

"මිලදී ගත් මෘදුකාංගයක් නැවත විකිනිය හැකියි" යුරෝපියානු අධිකරනය පවසයි.

මෑතකාලීනව විවාදාත්මක නෛතික කාරනයක්වූ ඔබ මිලදී ගත් මෘදුකාංග පිටපතක් තවකෙකුට අලවි කල නොහැක යන්න යුරෝපියානු අධිකරන තීන්දුවක් ඔස්සේ ප්‍රතික්ශේපවී තිබෙනවා. එම අධිකරන තීන්දුවට අනූව බාගත කරගත් හෝ තැටි ආකාරයේ මිලදී ගැනීමකින් යමෙක් ලබා ගත් මෘදුකාංගයක් තවකෙක් වෙත අලවිකල හැකි අතර තමන් විසින් විසින් භාවිතා කරන පිටපත තවදුරටත් භාවිතාකල නොහැකි බවට පත්කිරීමේ වගකීම ඔහුවිසින් ඉ‍ටුකල යුතුවෙනවා.අධිකරනයට අනූව අනෙකුත් මිලදී ගැනීම් වල ස්වභාවය මෙම මිලදීගැනීම් සදහාද වලංගුවන බවටයි  පවසා සිටින්නේ.