අයි පෑඩ් අත්දැකීම ඔබගේ පරිගණකයේ මුහුනතට කැදවන්නට උදවුවන මෘදුකාංගයකි මෙය. මෙම මෘදුකාංගයේ නිර්මාපකයන් පවසන්නේ මෙම මෘදුකාංගය සමග භාවිතාකරන්නෙකුට අයි පෑඩයේ අත්දැකීම සම්පූර්නයෙන්ම පාහේ තම ඩෙස්ටොප් එක මතදී විදගන්නට ඉඩ සලසන බවයි.මෘදුකාංගය සමග සෆාරි බ්‍රවුසරයත් , ඇප් ස්ටෝර් මෙන්ම ප්‍රකට ක්‍රීඩා මෘදුකාංගයක් වන ඇන්ග්‍රි බර්ඩ් මෘදුකාංගයද ලැබෙනු වනු ඇති බවටත්ය. ස්ථාපනයකින් තොරව භාවිතකලහැකි මෙම මෘදුකාංගය පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසීමෙන් නොමිලේ ලබා ගත හැකි වනු ඇත.
