Pages

2012-03-14

ක්‍රෝම් බ්‍රවුසරයේද මෙට්‍රෝ සංස්කරනයක්.......


ගූගල් ආයතනය පවසා සිටිනවා තම ගූගල් ක්‍රෝම් වෙබ් පිරික්සනයද ලගදීම මෙට්‍රෝ ස්වභාවයේ සංස්කරනයක්ද සහිතව නිකුත්කරන්නට බලාපොරොත්තු වන බව. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගනිමින් නිකුත්වන්නට නියමිත මෙම බ්‍රවුසර සංස්කරනය තම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරනයට වඩා ගූගල් ඩෙස්ටොප් සංස්කරනයට සමාන වන අතර දියුනු කල ස්පර්ශක මිතුරු ස්වභාවයෙන් යුත්ත වන බවත් , ඒ සමගම ටැබ්ලට් හිතැති මෙට්‍රෝ සංස්කරනයකින්ද සමන්විත වන බවටටත් පවසා සිටිනවා."අපේ අරමුන වන්නේ සරල , වේගවත් , ආරක්ෂිත ගූගල් ක්‍රෝම් අත්දැකීම වින්ඩෝස් 8 මෙට්‍රෝ තලය මතදීද භාවිතාකරන්නෙකුට අත්විදින්නට අවස්ථාව ලබාදීමයි.." ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා සිටිනවා.
                           මෙට්‍රෝ තලය මතදී  ඇප් එකක් ලෙසින් ධාවනය වනු ලබන බ්‍රවුසර් මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමට නම් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන බ්‍රවුසරය ලෙසට ‍තෝරා ගත යුතුවන අතර බින් බ්‍රවුසර් මෘදුකාංගය සමග තමන් අත තබා ගත හැකිව තිබූ වින් 8 බ්‍රවුසර් ආධිපත්‍ය මෙලෙසින් ලිහිල් කිරීම පිලිබදව විචාරකයින් තම විමතිය පලකරන බවටයි සටහන් වන්නේ.