එලබෙන මාර්තු මස 8 වන දින පිලිබදව අන්තර්ජාලය පුරාවට පැතිර යමින් ඇති භීතිකාව වඩ වඩාත් උනුසුම් වෙමින් පවතින බවටයි තොරතුරු පලවන්නේ.ගෘහස්ත මෙන්ම විශාල පරිමානයේ පරිගනක හෝ රවුටරයන් මට්ටමේ සිදුවිය හැකි DNSChanger නම් ට්‍රෝජන් ආකාරයේ ආසාදනයක් නිසා ඉහතකී දිනය වන විට අන්තර්ජාලයට සාමාන්‍ය පරිදි පිවිසීමට නොහැකිවනු ඇති බවට පවතින අනාවැකිය මෙම භීතිකාවට පදනම වී ඇති බවටයි කිය වෙන්නේ.පසුගිය නොවැම්බරයේ සිදුවූ මෙවැනි පහරදීමකින් අන්තර්ජාල යොමු ප්‍රවාහයන් කිසියම් වෙබ් අඩවියකට යොමුකිරීම හදාරන්නන් බලාපොරොත්තු වන ඉදිරි ප්‍රහාරයට සමාන සිදුවීමක් ලෙසට දක්වා සිටිනවා.
